+94 71 197 0181

© 2026 N3d Visualization. All Rights Reserved.

කාමර 3යි. (බජට්)

🏡 780 Sq.Ft. Budget-Friendly 3 Bedroom House.

  • Client
    කාමර 3යි. (බජට්)
  • Completion
    2025
  • Project type
    Residence
  • Designer
    N3d VISUAIZATION

 කුඩා ඉඩමකට, සීමිත budget එකකට – උපරිම පහසුවක් සහිත නිවසක්

තනි තට්ටුවේ Budget House එකක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබට, මේ නිවස ඉතාමත් සුදුසු විසඳුමක්. 780 Sq.Ft. වැනි සාපේක්ෂව කුඩා බිම් ප්‍රමාණයකින්, නිදන කාමර 03ක් ඇතුළත් කරමින්, දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සහ පෞද්ගලිකත්වය හොඳින් සැලසුම් කර ඇති නිවසකි.

මෙම සැලසුමේ විශේෂත්වයක් වන්නේ නිදන කාමර තුනම ප්‍රායෝගික සහ හොඳ ප්‍රමාණයකින් සැලසුම් කර තිබීමයි. කුඩා බිම් ප්‍රමාණයක් තුළ කාමර 03ක් ඇතුළත් කළත්, කාමරවල භාවිතයට ඇති ඉඩකඩ සහ ගෘහ භාණ්ඩ සකස් කිරීමේ පහසුව පිළිබඳව විශේෂ අවධානයක් ලබා දී ඇත.

පවුලේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය

නිවසකට ඉතා වැදගත් Privacy එක මෙම සැලසුම තුළ හොඳින් සලකා බලා ඇත. නිදන කාමරවල දොරවල් සහ Bathroom එකේ දොර Living / Dining අවකාශයට සෘජුව පෙනෙන ආකාරයට නොවන ලෙස සැලසුම් කර ඇති නිසා, නිවසට අමුත්තන් පැමිණි අවස්ථාවකදී පවා පවුලේ පෞද්ගලික අවකාශය ආරක්ෂා කරගත හැක.

විවෘත හා විශාල හැඟීමක් ලබාදෙන Living + Dining Space

නිවසේ Living, Dining සහ circulation areas එකිනෙකට සම්බන්ධ වන ආකාරයට සැලසුම් කර ඇති නිසා, ප්‍රධාන දොරෙන් ඇතුළු වූ විට නිවසේ අභ්‍යන්තරය වඩා විශාල හා විවෘත ලෙස දැනේ.

කුඩා නිවසක් වුවත්, අනවශ්‍ය බිත්ති සහ corridor අවකාශ අඩු කිරීම මගින් space එක උපරිම ලෙස භාවිතා කිරීම මෙහි ප්‍රධාන සැලසුම් සංකල්පයකි.

වාහන නැවැත්වීමට පහසුකම්

නිවසේ ඉදිරිපසින් car parking / covered parking area එකක් ලබාදී ඇති අතර, එය නිවසේ ප්‍රධාන entrance එක සමඟ පහසුවෙන් සම්බන්ධ වන ආකාරයට සැලසුම් කර ඇත.

සරලයි • ලස්සනයි • ප්‍රායෝගිකයි

මෙම නිවසේ exterior design එක simple, modern සහ Sri Lankan residential character එකක් සමඟ නිර්මාණය කර ඇත. Sloping roof, clay roof tiles, timber-look doors & windows සහ front porch එක නිවසට සරල නමුත් ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.

Budget-Friendly Construction

මෙවැනි compact සහ practical design එකක් නිසා, ඔබේ ඉඩමට සහ budget එකට ගැලපෙන ලෙස ඉදිකිරීම් වියදම පාලනය කරගැනීමට හැකියාව තිබේ.

ඇස්තමේන්තුගත ඉදිකිරීම් වියදම: රු. ලක්ෂ 45 – 60 පමණ*

සැබෑ ඉදිකිරීම් වියදම ඉඩමේ ස්වභාවය, භාවිතා කරන materials, finishes, structural requirements, labour cost සහ තෝරාගන්නා fittings අනුව වෙනස් විය හැක.

ඔබේ ඉඩමටත් මේ වගේ නිවසක්?

ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් වුණත්, හොඳ සැලසුමක් තුළින් ඔබේ පවුලට අවශ්‍ය පහසුකම් සහිත ලස්සන නිවසක් නිර්මාණය කළ හැක.

ඔබේ ඉඩමේ ප්‍රමාණය සහ Survey Plan එක අපට ලබා දෙන්න.

ඔබේ ඉඩමේ හැඩය, මාර්ග පිහිටීම, සූර්ය දිශාව සහ ඔබේ පවුලේ අවශ්‍යතා සලකා බලා ඔබටම ගැලපෙන House Plan එකක් නිර්මාණය කර දෙන්න අපි සූදානම්.

N3D VISUALIZATION

ඔබේ සිහිනයේ නිවස — ඔබේ ඉඩමට ගැලපෙන ලෙස. 071 19 70 181

Maharagama / Gothatuwa

www.n3dvisualization.com⁠

සැලසුමක් පමණක් නොවෙයි — ඔබේ අනාගත නිවසේ නිවැරදි ආරම්භය අපෙන්

Designers

Nalaka Bandara

Nalaka Bandara

Designers